TECH NO: August 2017

Advertisement

Advertisement

Friday, August 18, 2017

බිස්කට් කන්න බෑ, සින්දු අහන්න බෑ, ටීම් එකම අන්දුන් කුන්දුන් - ගුරුසිංහගෙන් ක්‍රීඩකයින්ට අමුතු නීති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වාර්තමාන කළමණාකාරීත්වයේ සිටින අසංක ගුරුසිංහ විසින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විවිධ නීති පනවා ඇති බවත් ඒ නිසාවෙන් ඔවුන් මානසිකව කළකිරීමට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා.
මේ පිළිබඳව අද (18) ඩේලිමිරර් පුවත්පතේ නිල වෙබ් අඩවියේද විස්තරයක් පළ වී තිබෙනවා. එයින් කියැවෙන්නේ මේ වන විට අසංක ගුරුසිංහ විසින් ක්‍රීඩක විවේකාගාරයේදී ක්‍රීඩකයින්ට බිස්කට් ආහාරයට ගැනීම තහනම් කර ඇති බවයි.
එමෙන්ම ආරංචි මාර්ග ඔස්සේ අපවෙත තොරතුරු වාර්තා වුනේ මේ වන විට ගුරුසිංහ විසින් ක්‍රීඩකයින්ගේ මානසික නිදහස වෙනුවෙන් විවේකාගාරයේ වාදනය වූ සංගීත කණ්ඩද වාදනය තහනම් කර ඇති බවයි. ඒ නිසාවෙන් ක්‍රීඩකයින් එකිනෙකා සමඟ කතාබහ කිරීමද අඩුකර ඇති බවත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් ගොළුවන් සේ උඩ බිම බලමින් සිටින බවත් දැනගන්නට ලැබුණා.
කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රීඩකයින් ඉහළ කළමාණාකාරීත්වයට දන්වා ඇති අතර තවත් නොබෝ දිනකින් ගුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නට සූදානම් වන බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.

ලොතරැයි මණ්ඩලය නැවත මුදල් අමාත්‍යාංශය යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළිත් වරක් මුදල් අමාත්‍යාංශයට යටතට පවරා ගෙන ඇති බව වාර්තා වෙයි.

Thursday, August 17, 2017

තවත් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්

මීගමුවේ ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මෙලෙස හදිසියේ කඩා වැටීමට ලක්ව ඇති බවයි.

මීගමුවේ හෝටලයක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවත් සඳහන්.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවූ සේවකයින් දෙදෙනෙකු මේ වන විට බේරා ගෙන ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවූ අනෙක් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මීට පෙර වැල්ලවත්ත ප්‍රදේශයයේදීද අඩක් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සේවය කළ පිරිසක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නා.

Wednesday, August 16, 2017

පොලිස්පතිගේ වීඩියෝවෙන් කැබිනට් මාධ්‍ය හමුව උණුසුම්

පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝව පිළිබඳව අද (16දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන්නට විය.
එම සිදුවීම අප්‍රේල් මාසයේ සිදුවූ සිදුවීමක් බවත් සිද්ධියට මුහුණදුන් තැනැත්තා පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම එම වීඩියෝව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වීම ගැටලුවක් බවත් ඔහු පැවැසීය.
මේ අතර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පොලීසිය විනාඩි 15ක් භාවනා කිරීම ගැටලුවක් බවයි. 

සිංහලෙන් කියන්න - ගූගල් ටයිප් කරලා දෙයි

මෙම භාෂා ප්‍රමාණය ගණන් කළ පසු ඔබට 21ක් ලෙස අගයක් ලැබුණත් එම භාෂා සේවාව විහිදෙන රටවල් ප්‍රමාණයෙන් සම්පූර්ණ භාෂා තිහක ගණනය සම්පූර්ණ වනු ඇත. මෙලෙස භාෂා තිහකට මෙම සේවාව සපයන්නට සාමාන්‍ය යෙදුම් ඒ ඒ රටවල කියැවෙන ආකාරය පර්යේෂණයට ලක්කිරීමට බොහෝදෙනෙකු යොදාගෙන එම වදන් නැවත කියවා තිබේ. දැන් ඔබට Gboardභාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන අතරමගක වුව ඔබේ සටහනක් ඔබේම මවු භාෂාවෙන් භාවිත කළ හැකි වනු ඇත.
මේ Andro Dollar යූටියුබ් චැනලයෙන් ඒ වෙනුවෙන් සිදුකළ වීඩියෝවකි.
https://youtu.be/jb69cLVtXSQ
 
download

Google Stamp සමගින් ඔබේ කථාව පවසන්න

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාල සේවාවන් තුළ අලුතෙන්ම හඳුන්වාදුන් විශේෂාංගයක් වූයේ "Stories" මාධ්‍යයයි. ඒ ඡායාරූපයක් හරහා ඔබේ ජීවිතයේ එදිනෙදා සිදුවීමක් මිතුරන්ට පැවසීමේ නවතම යාන්ත්‍රණයයි.
ඇතැමෙකු ඒ සම්බන්ධයෙන් දක්වන ආකල්ප එතරම් සුබවාදී නැතත් එය නුදුරු අනාගතයේදීම තරමක් දුරට හෝ සුබවාදීව පැතිර යනු ඇතැයි අනාවැකි පැවසිය හැක. එනිසා එම අවශ්‍යතාවය වටහා ගන්නා ගූගල් සමාගමද එයට සරිලන නව සේවාවක් තමන් හරහා ලබාදීමට සූදානම්ව සිටිනා බව වාර්තා වේ.
එහෙත් ඔවුන් එයට "Stories" යන නමම තබනවා වෙනුවට, එය “Stamp" ලෙසින් හැඳින්වීමට සූදානම් වී සිටී. එහි විශේෂත්වය වඩා නිර්මාණශීලී පුද්ගල කතාන්තරයක් වඩාත් සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීමයි.
“Stamp" යන නම සැකසෙන්නේද සුවිශේෂ ආකාරයකටයි. “Stories" යන්නෙන් St යන මූලික අකුරු දෙකත්, ඉතිරි අකුරු තුන වන AMP යන්නෙන් Accelerated Mobile Pages යන්නත් කියවෙන ලෙස ඔවුන් විසින් මෙම නම සකස් කොට ඇත.
ඉන්ස්ටග්‍රම් සහ ෆේස්බුක් මෙන්ම ස්නැප්චැට් සමාජ ජාලයෙන්ද මෙවැනි සේවයක් “Discover" ලෙසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව කෙටි වදන්, ඡායාරූප සහ වීඩියෝ ඇසුරු කරගෙන ඔබට සිය කතාව පැවසීමේ හැකියාව ඇත. මෙම ආකෘතියම ගූග්ල් විසින්ද අනුහුරු කරගනු ඇතැයි විශ්වාස කළ හැක.
Path Path 1

සියෙරා ලියෝන් නායයෑම - 600ක් තවමත් අතුරුදන්

සියෙරා ලියෝන් හි ෆ්‍රීටවුන් අගනගරය ආශ්‍රිතව ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් 600ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
සියෙරා ලියෝන් ජනපති අර්නස්ට් බායි කොරෝමා මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසුව වහාම හදිසි ආධාර ලබාදෙන ලෙසත්, බොහෝ මිනිස් ජීවිත ජලයේ ගසාගෙන ගොස් ඇති බවත් ලෝකය හමුවේ පවසා සිටියේය.
රීජන්ට් කඳුකර ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් 400ක් පමණ මියගිය බව මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර, ඒ සමගම ඇති වූ මඩ පිරුණු ගංවතුර ෆ්‍රීටවුන් අගනගරය සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැති මඩ ජලයෙන් යට කරනු ලැබිණි.

පාකිස්තානය මස් රාත්තලම ඉල්ලයි

ශ්‍රී ලංකාව හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනෙන් එක් තරගයක් ලාහෝර් නුවර පැවැත්වීම පිළිබඳව දෙරටේ අවධානය යොමුවී තිබේ.
මේ අතර තවත් තරගයක් කරච්චි නුවරටත් අවශ්‍ය බව එහි නගරාධිපති වසීම් අක්තාර් සඳහන් කරයි.
2009 වසරේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වෙන්නේ මෙම තරගය හරහාය.
කෙසේ වෙතත්  කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ දැනට ලාහෝර් නුවර තරගයක් පැවැත්වීම කෙරෙහි පමණක් අවධානය යොමුව ඇති බවයි.
කරච්චි ක්‍රීඩාංගණයේද අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇත්තේ 2009 වසරේ පෙබරවාරි මාසයේදීය. ඒ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කලබලයක්?






කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවකයන් තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. එහි සේවකයන් ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණ විරෝධයක් පවත්වන බවත් වාර්තාවෙයි.

Tuesday, August 15, 2017

චෛත්‍යයක් නැති පංසලකට චෛත්‍යයක් හදල දෙන්න පලංචි උඩ නැගගෙන මහන්සි වෙන කුඩා මෙහෙණින් වහන්සේ කෙනෙක්

චෛත්‍යයක් නැති පංසලකට චෛත්‍යයක් හදල දෙන්න පලංචි උඩ නැගගෙන මහන්සි වෙන කුඩා මෙහෙණින් වහන්සේ කෙනෙක්..වැඩ කරන අතරතුර මේ පොඩි මෙහෙණින් වහන්සේගේ කකුල තුවාල වෙලා..කොච්චර වේදනවක් ඇත්ද...හඩන්නට එපා මෑණියනි..ඉක්මනින් සුව වේවි...
හැමෝම ප්‍රාර්ථනා කරන්න ඉක්මන් සුවය ලැබේවා කියා...share කරන්න හැමෝගේම ආශීර්වාදය පිණිස ..

කොළඹ තියෙන මායාවරුන්ගේ ජල උද්‍යානය

මායාවරුන් ගැන අපි අහලා තියෙන්නේ කථාවල, අපි දැකලා තියෙන්නේ චිත්‍රපට වල විතරයි. ඒත් දැන් ඔන්න මායාවරුන්ගේ ජල උද්‍යානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලංකාවේදී උදාවෙලා. මේ කියන්න හදන්නේ ලංකාවේදී පළමු වරට අත්විදින්න ලැබෙන විචිත්‍රවත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මායාවරුන්ගේ ජල උද්‍යානයක හිතේ හැටියට ක්‍රීඩා කරන එක. මේ මායාවරුන්ගේ ජල උද්‍යානය තියෙන්නේ කොළඹ ජා ඇල ප්‍රදේශයේ. ජා ඇල සුප්‍රකට විනෝද උද්‍යානයක් වන ගුරුගේ නේචර් පාර්ක් එක ඇතුළේ තමයි මේ අමුතුම අත්දැකීම සකස් කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවට ආ BMW පවුලේ අලුත්ම විසේකාරයා මෙන්න

BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 series plug-in hybrid මෝටර් රථ මාදිලිය පසුගිය දා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය.
8-speed Steptronic transmission, ABS, ASC හා DTC (Dynamic Traction Control), Cornering Brake Control (CBC), Dynamic Brake Control (DBC), Dry Braking function, Fading Compensation, Start-Off Assistant යනාදී සුවිශේෂී අංගෝපාංගයන්ගෙන් මෙය සන්නද්ධ වේ.
මීට අමතරව gesture control, hand gestures, professional navigational system, display key, remote control parking යනාදියෙන් මෙය සමන්විතය.

සංවර්ධන ලොතරැයියෙන් සතියේ දින 7 පුරාම දිනුම් අදින සුපිරි ජයමල්ලක් සහිත ලොතරැයියක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය කවදත් අලුත් ආකාරවලින් ජයග්‍රාහකයින් බිහිකිරීමට නම් දැරු ආයතනයක් වන අතර දැන් සතියේ දින හතම දිනුම් අදින ලොතරැයියක් 'අද කෝටිපති ' නමින් පසුගියදා වෙළෙදපොළට නිකුත් කළේය.
එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 අගෝස්තු මස 31 වන බ්‍රහස්පතින්දා සිදු කරන අතර ටිකට් පත වෙළෙදපොළට නිකුත් කිරීම 2017 අගෝස්තු මස 15 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණි.
මෙහි ත්‍යාග රටාවට අනුව ප්‍රථම ත්‍යාගය ලෙස කෝටි පහක විශාල ආරම්භක ජයමල්ලක් සමග රු. දස ලක්ෂය, ලක්ෂය ආදී මුදල් තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාවක් උදාකර ඇත.

කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින් විදේශ රටවල් වෙත සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැනනැගී ඇති අර්බුදකාරී ගැටලුවකි. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල් ගෙන තිබුනත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා නීතිවිරෝධී සංචාර බොහොමයක් ලොව පුරා සිදුවෙමින් පවතී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වුවද වංචනික සහ අසම්පූර්ණ ලියවිලි මත නීතිවිරෝධීව සංචාරය කිරීමට තැත්කිරීම් බොහොමයක් වාර්තා වී ඇත.
ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් වංචාකාරි සහ වෙනස්කළ සංචාරක ලියකියවිලි මත පුද්ගලයන් නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම භූමි කටයුතු (ground handling) මෙහෙයවන්නා වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ සංචාර කරන්නන්ගේ වංචනික හෝ වෙනස්කළ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාව,වීසා සහ පිවිසුම් පත් නිකුත් කිරීම සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි.

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.
පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.
තවද ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ II වන උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටී.

ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි

එමිරේට්ස් ගුවන් සේවයට අයත් A380 වර්ගයේ එයාර්බස් යානයක් අද (14) පස්වරුවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑවේය. මෙහි ඇති විශේෂත්වය නම් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පුළුල් කිරීමේ නවීකරණ කටයුතුවලින් පසු ඊට ගොඩබෑ විශාලතම මගී ගුවන්යානය මෙය වීමයි.

A380 යනු එයාර්බස් සමාගම විසින් දැනට නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානයයි. මෙය තට්ටු 
දෙකකින් යුක්ත වේ. එය ගුවන් සේවා පංති තුනක් යටතේ මගීන් 555 දෙනෙකු හෝ තනි ඉකොනොමි 
පංතියක් යටතේ මගීන් 853 දෙනෙකු සමඟ වරක දී ගුවන්ගතවීමට සමත් යානයකි. ඒ ප්‍රධාන කොටසේ මගීන් 
538 ක්හා
 ඉහළ කොටසේ මගීන් 315 ක් වශයෙනි.

Monday, August 14, 2017

ඔබේ අත් අව්වට කළු වෙලාද? මෙන්න ඒ ප්‍රශ්නයට සරල විසඳුමක්

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්. සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා සමහර වේලාවට වැසි කාලගුණයක් පවතිනවා. මේ ලිපියෙන් කියවෙන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙඅත් කළු වුනාම කරන්න පුළුවන් සරල ප්‍රතිකර්මයක් ගැනයි.


රුපියල් දාහේ කොලේ ඉන්න ඇතා පිටුපස ඇති සැඟවුණු කතාව

කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්, සැදැහැවතුනගේ සාදු නාදය මධ්‍යයේ ඇසළ පෙරහර වීදි සංචාරය කරන පුණ්‍යවන්ත කාල වකවානුවයි මේ.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි.

අණ නොතකා ගිය දෙදරු මව නැවතුනු තැන (ඡායාරූප)

මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ තරුණ මවකට සිදුවූ අනතුරක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙගන් නෝලන් නමැති 24 හැවිරිදි දෙදෙරු මව සිය මිතුරියකගේ නිවසේ සංවිධානය කර තිබූ රාත්‍රී සාදයකට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙමින් සිටින අතර තුර මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
අදාල කාන්තාව එම අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඇය විසින් තම මෝටර් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් ඇයගේ මෝටර් රථය පසුපස හඹා ගොස් ඇති අතර ඒ පිළිබදව සැලවූ ඇය පැයට කිලෝමීටර් 120 පමණ වේගයකින් සිය මෝටර් රථය ධාවන කර තිබෙනවා.
මෝටර් රථයේ අධික වේගන හේතුවෙන් එහි එන්ජිම පුපුරා ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.


අනතුරෙන් 24 හැවිරිදි දෙදෙරු මවට හානියක් සිදු නොවී ඇති අතර පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත කාන්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථනයේ දත්ත පරීක්ෂාවේ දී නීතීඥයෙකුට රැදී සිටීමට අවසර

බැඳුම්කර කොමිසම භාරයේ පවතින අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිළධාරීන් උපුටාගන්නා අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතාගේ නීතීඥයෙකුට එම සථානයේ රැදී සිටීමට අවසර ලබාදෙමින් කොමිසම අද නියෝගයක් නිකුත් කර තිබේ.

කොමිසම මෙම නියෝගය නිකුත් කළේ පසුගියදා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නීතීඥවරයා සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් වන විමර්ශනවලදීද මෙම නියෝගය අදාළ වනු ඇත.

සංචාරකයින් හේතුවෙන් සීගිරියට වන දේ ?

ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සීමා කිරීමට කඩිනමින් පියවර ගතයුතු බවට රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සීගිරිය සඳහා තිරසර සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට පත් කෙරුණු අනු කමිටුව විසින්.

සංචාරක ආගමනය හේතුවෙන් සීගිරියට සිදුවන බලපෑම අධ්‍යයනය කර විසඳුම් යෝජනාවලියක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අනු කමිටුවක් පත් කළා.

එම කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ස්වභාවික සංසිද්ධීන් සහ අධික සංචාරක ආගමනය හේතුවෙන් ලෝක උරුමයක් වන සීගිරිය විනාශ වෙමින් පවතින බවයි.

ස්වභාවික හේතූන් මත කැටපත් පවුරට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව එම වාර්තාවේ සඳහන්.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් : දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක නිරතව සිටිති. ඇමරිකානු බල ප්‍රදේශයක් වන ගුවාම් දූපත ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සැලසුමක් පිළිබඳ උතුරු කොරියාව බ්‍රහස්පතින්දා (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කිරීමත් සමග එරට සහ ඇමරිකාව අතර පවතින උණුසුම්කාරී වාතාවරණය තවත් උත්සන්න විය.ගුවාම් දූපතට කිසියම් දෙයක් සිදු වුවහොත් "විශාල විපතක්" බලාපොරොත්තු විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය. කෙසේ නමුත් සිය න්‍යෂ්ටික වැඩසටහන දිගටම කරගෙන යන බව උතුරු කොරියාව පවසයි. 

 මේ අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකිකයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති. ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 


පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර්වරයෙකුට පහර දෙන වීඩියෝව මෙන්න

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ  නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය.
පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම්  සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය.

මහනුවර ප්‍රදීප්ගේ හදවතින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ පුෂ්පාගේ සංවේදි කතාව

"මාස දෙකක් ඉදලා තමයි සැත්කමට ගත්තේ"

"බත් ටික කන්න පුලුවන් තනියම. ගොඩක් සතුටුයි මට."
අනුන්ගේ හදවතකින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ පුෂ්පා කුමාරිගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බලන්නට හිරු ප්‍රවෘත්ති කටයුතු කළා.


37 හැවිරිදි පුෂ්පා කුමාරි අනුරාධපුරයේ පදිංචි එක්දරු මවක්. විටින්විට ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහලට ඇතුළත් වූ ඇයට අවසානයේ සිදුවුණේ මහනුවර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන්නටයි.

ඇයව අනුරාධපුර රෝහලනේ මහනුවර රෝහලට එවා ඇත්තේ හෘදය අකර්මණ්‍ය වුණු රෝගියෙක් ලෙසයි.

හෘදයේ හැකියාව 12 % තත්ත්වයේ තිබූ ඇයට හෘද බද්දයක් සිදු කිරීමට මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු සැලසුම් කර තිබුණා.

Sunday, August 13, 2017

සුමාත්‍රාවල භූ කම්පනයත් සමඟ ගාලු මුහුදේ වෙනසක්

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 5 ක භූ කම්පනයක් සිදු වුණා.

සුමාත්‍රාවේ - බෙන්කුලූ නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

මුහුණු පොතේ හුවමාරුවන වීඩියෝව පහතින්...

වර්ෂාව සමඟ බණ්ඩාරවෙලට මාරයාගේ සෙවණැල්ල

බණ්ඩාරවෙලට වැසි වැටෙන්නට පටන්ගෙන ඇත. වෙනදා නම් වසර එකහමාරකට පමණ පසු පැමිණෙන මේ වැස්ස බණ්ඩාරවෙල මිනිසුන්ට ආශීර්වාදයකි. එහෙත් මෙවර වර්ෂාව යනු මාරයාගේ සලකුණකි. උමා ඔය ව්‍යාපෘතියත් සමඟ බණ්ඩාරවෙල නායයෑමේ අවදානමට මුහුණදෙන කඳු රැසකි. අම්පිටිය, දික්අරාව, කොලතැන්න කොඩිගල කන්ද, උඩපේරුව, කිණිගම, ලියන්ගහවෙල, පන්අරාව, අඹතැන්න, ඉඹුල්පෝරුව ඇතුළු කඳු බරපතළ නායයෑමේ අවදානමක් ඉදිරිපිට ඇත. තවම වැස්සක් දෙකක් පමණක් වැටී ඇතත් වර්ෂා කාලය ඉදිරියේදී ඇරඹෙද්දී කුමකින් කුමක් සිදුවේදැයි කිසිවෙකු දන්නේ නැත.

රවි කරුණානායක යහපාලන මුහුණේ දැලි ගෑම

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන ලද සෑම යහපත් දෙයක් ගැනම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ගැන පවා, වැරදි චිත්‍රයක් මවා පෑමට එම කඳවුර නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔවුන්ගේ එම ප්‍රයත්නයන් එදා සාර්ථක නොවුණි. ඊට හේතුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව නොසැලෙන ප්‍රතිපත්තියක පිහිටා සිටීමත්, දැඩි අධිෂ්ඨානයකින් යුතුව විපක්ෂයේ එම අභියෝගයන්ට මුහුණදීමත් ය.

උමා ඔය වගා සහන බොරුව - ටොප් පචයක් වෙයි!

උමා ඔය හේතුවෙන් විනාශයට පත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්කාපිටිය, පුහුල්පොල ප්‍රදේශයේ එකම ගොවියෙකුට හෝ මේ දක්වා වගා සහන අයදුම්පතක් හෝ ලැබී නොමැති බව ‘ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය‘ අගෝ. 12 සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය පහත පරිදි වෙයි,


ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් මඟින් ද, ජනාධිපතිවරයාගේ නියෝගයකින් ද, කැබිනට් මණ්ඩල තීරණයකින් ද, දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීරණයකින් ද, උමා ඔය විනාශය හේතුවෙන් පීඩාවට පත් වැලිමඩ ගොවීන් වෙත ‘වගා සහන‘ සැළසීමට තීරණය විය.  බණ්ඩාරවෙල පැවති උමා ඔය හර්තාලයෙන් දින 45 ක් ගතවී ඇති නමුත්, අවම වශයෙන් වගා සහන අයදුම්පත බෙදීමට හෝ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යකෂ, ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍යා කාර්යාලය, බදුල්ල දිසාපති, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කොට නැත. උමා ඔය හේතුවෙන් පීඩාවට පත් වැලිමඩ ගොවීන් කන්න දෙකකින් රුපියලක හෝ වගා වන්දියක් මේ දක්වා ගෙවා නැත. 

කෙරවලපිටිය ටෙන්ඩරය ගැන විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි - පාඩුව මිලියන 15,000ක්

ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොසලකා හරින්නේ නම්, ඉදිරියේදී එම තාක්ෂණික කමිටුවලට තම සංගමය සහභාගි කරවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට පටහැනිව කටයුතු කරන්නේ නම්, වාර්ෂිකව රජයට රුපියල් මිලියන 15,000කට අධික පාඩුවක් සිදුවන බවයි.

රවීගේ ප්‍රකාශය සාවද්‍ය බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

විදේශ විනිමය වංචා නඩුවෙන් තමන් නිදොස්කොට නිදහස් කළ බවට රවී කරුණානායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සමෘද්ධි කප්පාදුවකට සැරසේනවා නම් විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව ජනපතිගේ අවධානය

නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව පවසමින් සමෘද්ධි කප්පාදුවක් සිදුකිරීමට විෂයභාර අමාත්‍ය එස්.බී. දිසානායක සූදානම් වන්නේ නම් ඔහුට විරුද්ධවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

Saturday, August 12, 2017

“අවදානයෙන් සිටින්න” වෙරළබඩ ජනතාවට හදිසි දැනුම්දීමක් සුමාත්‍රාවල භූ කම්පනයක් මෙන්න විස්තරේ

“අවදානයෙන් සිටින්න” වෙරළබඩ ජනතාවට හදිසි දැනුම්දීමක්. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය සඳහා හේතු වූ සුමාත්‍රාවල අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන් වී තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

ඇපල් උපාංග බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.



සාමන්‍යයෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ අයිපොඩ් වලට පරිගණකයේ ඇති ගීත, පින්තූර, ඇප්ස් වැනිදෑ දැමීමට බාවිතා කරන්නේiTunes මෘදුකාංගයයි.


මේ iTunes මෘදුකාංගය ටිකක් Advance වැඩියි. සමහර වෙලාවට Auto syncවෙලා ෆෝන් එකේ තිබෙන දේවලුත් Delete වෙනවා. ඒ නිසා ගොඩක් අයiTunes බාවිතා කරන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ. අපිට අවශ්‍ය දේ ඉක්මනින් සහ ලේසියෙන් සිදුකරගැනීමට මෙම IOTransfer මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. අලුතෙන් පැමිණි iOS 10.3 සහිත ඇපල් උපාංග සඳහාද මෙය සහාය දක්වයි. ඉක්මනින් පරිගණකයේ ඇති Mp3, Video ගීත අයිෆෝන් එකට දාගන්න, PDF පොත් Tab එකට දාගන්න, අයිෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට copy කරගන්න මේ IOTransfer උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.

අතපය වත් දිගහරින්න බැරි තරම් කුඩා ගෙයක තනිව ජිවත් වන කෙල්ල


දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනවා.
බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ.
මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හි අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි.

අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා Blackheads ඇති වීමට බලපාන කරුණු විදියට දක්වන්න පුළුවන්.
අපිරිසිදුකම නිසා පමණක් මේවා ඇති නොවේ.
ඔබ Blackheads ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු වන්නේ නෑ.

දළදා වහන්සේගේ දේපළ හොරා කෑ Prime Lands..කළු සල්ලි සුදු කිරිමේ මෙහෙයුමක.

දළදා මාලිගාවට අයත් සංගික දේපල නීතියට පිටින් යමින් ව්‍යාජ්‍ය ඔප්පු සකස් කර ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) නැමති ඉඩම් කොටස් කර විකුණන දේපළ සමාගමට විකුණා දමමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවර්ණය කළා. ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගමේ සභාපති බී ප්‍රේමලාල් නැමත්තා කාලයක් තිස්සේ ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර අල්ලාගේන මෙම මාලිගාවට් අයත් ඉඩම් කොල්ල කෑමේ ව්‍යාපෘතිය දියත් කර තිබුන අතර යහපාලන ආණ්ඩුව පත්විමෙන් පසුව එම ඉඩම් කොල්ලය සක්‍රීය ලෙස වර්ධනය කර තිබේ.

මේ තමයි ලෝකයේ තියන ලොකුව ඒවා 10 බලන්න ඔබට හිතා ගන්න බැරිවෙයි මේ දේවල් දැක්කම

මේ තරම් විශාල දේවල් ලෝකෙ තියනවා කියලා දැක්කම ඔබට අදහා ගන්නත් බැරි වෙයි බලන්නකො මිනිස්සුන්ගේ අමුතුම වැඩ ලෝකයේ ලොකුම දේවල් දහය මෙන්න හැමෝටම බලන්න ශෙයා කරන්න


දඩයක්කාරයා දඩයම වීමේ ඉරණම

යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර ලංකාවේ ස්ථාපිතව තිබු සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් වල වෙනස්කමක් ප්‍රගතිශීලී ලෙස සිදුවී ඇත්නම් පමණි. දැවැන්ත ධනයක් සංවිධාන ශක්තියත් හා බලයක් මෙන්ම ජාතිකවාදී න්‍යායන් යොදා ගනිමින් රාජපක්ෂ රෙජීමය අයෝමය හස්තයකින් පාලනය කරන ලද ලාංකික සමාජය හා එම බලවේග ජනවාරි අට වැනිදා ශ්‍රී ලාංකික සිවිල් සමාජයත්, එක්සත් ජාතික පක්ෂයත්, මධ්‍යම පන්තියත්, ලාංකික සුළු ජන කොටසුත් විසින් තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. එසේම එම බලවේග වලට තවදුරටත් රාජපක්ෂ රෙජීමයේ අගතිගාමී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන දැකීමට අපේක්ෂාවක් නැත.යථාර්තය එය වුවත් ශ්‍රී ලාංකික රජයේ අභ්‍යන්තරය රාජපක්ෂ අවතාර වලින් කුණු වී ගඳ ගහන නරා වලක් බවට පත්ව තිබේ. එම නිසාම යහපාලන බලාපොරොත්තු සහිත බලවේග එක්තරා ආකාරයකට අපේක්ෂා භංගත්වයකට පත්ව තිබේ. එසේ වුවද තවමත් එම බලවේගයන්ගේ බලාපොරොත්තුව මෙම තත්ත්වයන් නිවැරදි වනු ඇති බවයි.

මීගමුව පාරේ කුරණ සන්නද්ධ කල්ලියකට එල්ල කල ප්‍රහාරය නිකුත්වෙයි

හවස 5ට මීගමුවේදී අපේ STF කොල්ලෝ සහ පාතාලයෝ සෙට් එකක් වෙඩි තියා ගත්ත හැටි මෙන්න
අපරාධයකට ආව පාතාලයොන්ට දුවන්න දුන්න අපේ STF කොල්ලොන්ට අපිත් Like එකකින් උපහාරය පුදකරමු



සතියේ ලග්න පලාපල - සුජිත් නිශාන්ත යෝගිතුමා

ශ්වකර්ම අපි අද සුජිත් නිශාන්තයෝගිතුමාව හමුවීමට ගියා. එහිදී ඉදිරියට වන්නට තිබෙන ආන්දෝලනාත්මක අනාවැකි රැසක් එතුමා විසින් ප්‍රකාශ කල අතර ඒ පිලිබඳ වීඩියෝව ඉදිරි දවස් කිහිපය තුල බලාපොරොත්තු වන්න. ඒ වගේම එළඹෙන සතිය ඔබේ ලග්නයට කොහොමද කියලත් අසා දැන ගැනීමට අප අමතක කලේ නැහැ. ඉදින් ප්‍රවීණ ජෝතිශ්‍යවේදී සුජිත් නිශාන්ත යෝගිතුමා විසින් එළඹෙන සතිය ඔබේ ලග්නයට කෙසේද යන්න සවිස්තරාත්මකව ලග්නයෙන් ලග්නයට ප්‍රකාශ කලේ මෙලෙසිනි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

මහින්ද ට චෝදනා කල රාජිතට නඩුවක් වැටෙයි

ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.රාජපක්‍ෂවරුන් විසින් විදේශ රටක ඩොලර් බිලියන 18ක් සොරකම් කර සගවා ඇති බවට අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කිරීම නිසා මෙසේ පැවරීමට නියමිතය.

බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා සියල්ල හෙළි කිරීමට යයි..

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සියළු කාරණා හෙලි කිරීමට තමන් සූදානම් යයි හිටපු ඇමති රවි කරුණානායක සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පවසයි.

මගේ වයිෆ්“ කියලා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ගෙට පැන්න මෑන්ගේ විස්තරේ එළියට

නිරෝෂාව මම බැන්දේ එයා ජනප්‍රිය වෙන්න ඉස්සරින්.‘‘එයා මාව දාලා වෙන කසාදයක් කරගත්තා.."

අපේ රටේ ජනප්‍රිය ගායිකාවකගේ නිවසකට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණා.

එසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පවසා තිබුණේ එම ගායිකාව තමන්ගේ පෙර බිරිඳ බවයි. කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ සති අන්ත පුවත්පතක් තොරතුරු හෙළිකර තිබුණේ මේ විදිහට.

උතුරු කොරියාවේ හමුදා පුහුණු වීඩියෝවක්

ඇමරිකාව හොල්මන් කරමින් උතුරු කොරියාවේ හමුදා පුහුණු වීඩියෝවක් අන්තර් ජාලයට මීලග ලෝක බලවතා උතුරු කොරියාවද?


මේදිනවල වැඩිපුර කතාවෙන්නේ උතුරු කොරියාව සහ ඇමරිකාව අතර පවතින සටන ගැනයි ඔවුන් එකිනෙකාගේ යුධ ශක්තිය ලොවට හෙළිකරමින් සිටි ඉතා දරුණු පාලකවෙක් වන උතුරු කොරියානු ජනපති වරයා ඔවුන්ගේ හනුදාව පුහුනු කරනා ආකාරය අන්තර්ලට මුදා හැරලා ලොව දැනට සිටින දරුණුම හමුදාව මෙය බවයි උතුරු කොරියානු ජනපතිවරයා පවසන්නේ පහතින් නරබන්න එම වීඩියෝව

අන්තර්ජාලයෙන් සල්ලි

බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න පුලුවන් අද සහ හොද අදායමක්

මේකනම් සුපිරිම සයිට් එකක්. ලංකාවට තම හොදටම වැඩ. ලංකාවේ එකක් ඒ නිසා බය වෙන්න එපා. මුලින්ම පෙන්නන්නම් එහෙම සල්ලි ගත්ත පෙටෝස් ටිකක්

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...