TECH NO: සියෙරා ලියෝන් නායයෑම - 600ක් තවමත් අතුරුදන්

Advertisement

Advertisement

Wednesday, August 16, 2017

සියෙරා ලියෝන් නායයෑම - 600ක් තවමත් අතුරුදන්

සියෙරා ලියෝන් හි ෆ්‍රීටවුන් අගනගරය ආශ්‍රිතව ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් 600ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
සියෙරා ලියෝන් ජනපති අර්නස්ට් බායි කොරෝමා මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසුව වහාම හදිසි ආධාර ලබාදෙන ලෙසත්, බොහෝ මිනිස් ජීවිත ජලයේ ගසාගෙන ගොස් ඇති බවත් ලෝකය හමුවේ පවසා සිටියේය.
රීජන්ට් කඳුකර ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් 400ක් පමණ මියගිය බව මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර, ඒ සමගම ඇති වූ මඩ පිරුණු ගංවතුර ෆ්‍රීටවුන් අගනගරය සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැති මඩ ජලයෙන් යට කරනු ලැබිණි.

රතු කුරුස සංවිධානය පවසා සිටියේ මඩ සහ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීම සඳහා කාලය සමග සටනක මුදාගැනීමේ කණ්ඩායම් නිරත වන බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට හමුවූ මළ සිරුරුවලින් බොහෝ මෘතශරීරාගාර පිරී ඇති බැවින් අද (16දා) දිනයේදී සමූහ වළක බොහෝ පිරිසක් මිහිදන් කිරීමටද සැලසුම් කර තිබේ.
ජනාධිපති ප්‍රකාශකයෙකු බී.බී.සී.ය වෙත පවසා තිබුනේ මේ කතා කරන මොහොත වනවිටත් මළ සිරුරු සුන්බුන් අතරින් ගොඩ ගනිමින් සිටින බවයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේ සියෙරා ලියෝන් රාජ්‍යයට ඔවුන්ගේ සියලු මුදාගැනීම් මෙහෙයුම් වෙනුවෙන් සහාය ලබාදීම දැනටමත් අරඹා ඇති බවයි.
එමෙන්ම, මෙම ව්‍යසනයත් සමග එම ප්‍රදේශයේ පැතිර යා හැකි කොලරාව, පාචනය ආදී රෝගාබාධ වැළැක්වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් පිටත්කර හැර ඇති බවද සඳහන් වෙයි.
සියෙරා ලියෝන් ප්‍රදේශය සාමාන්‍යයෙන් තද වැඩි ඇද හැලුණත්, එම කුඩා අගනගරය තුළ මිලියනයකට අධික ජනගහනයක් ඒකරාශීව සිටීම මෙම ව්‍යසනයේ ජීවිත හානි වැඩිවීමට හේතුව බව සඳහන් වෙයි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...