Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනවා.
බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ.
මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හි අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි.
අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා Blackheads ඇති වීමට බලපාන කරුණු විදියට දක්වන්න පුළුවන්.
අපිරිසිදුකම නිසා පමණක් මේවා ඇති නොවේ.
ඔබ Blackheads ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු වන්නේ නෑ.
මෙම පීඩාකාරී තත්වය සුව කර ගැනීම සඳහා මෙම ස්වභාවික සත්කාරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.
අවශ්‍ය වන ද්‍රව්‍ය
ලෙමන් ගෙඩි භාගයක්
මී පැණි බිංදු තුනක්
මී පැණි බිංදු තුන ලෙමන් පළුව මතට දමා ඔබගේ මුහණ පුරා අතුල්ලා ගන්න.
විශේෂයෙන් ආසාදනය අහි වී ඇති ස්ථානයන් අවට.
ඉන් පසුව විනාඩි 5-7 අතර කාලයක් සිට ශීත ජලයෙන් සෝදා ගන්න.
මෙම සත්කාරය සතියකට වාර දෙක බැගින් සිදුකර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න.
මෙය සිදුවන ආකාරය...
ලෙමන් තුළ අඩංගු වන ආම්ලිකතාවය සමෙහි මැරුණු සෛල ඉවත් කර නව සෛල වර්ධනයකර ගැනීමට උපකාරී වේ.
එමගින් සම පිරිසිදු වී Blackheads ඉතාමත් පහසුවෙන් හා සම්පුර්ණයෙන් ඉවත්වේ.
මී පැණි යනු ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයකි.
එමගින් සමෙහි ඇති සිදුරු තුල කුණු දුහුවිලි ඉවත් කර දෙනු ලැබේ.
එමෙන්ම මී පැණි සම පැහැපත් කර ගැනීම සඳහා ඉතාමත් ඵලදායීව ක්‍රියාකරනු ලබයි.
මෙම සත්කාරය විවිධ වූ සම් සඳහා විවිධ විය හැකිය.මෙම සත්කාරය කෙතරම් වාර සංඛ්‍යාවක් සිදු කල යුතුද යන්න ඔබගේ සමෙහි ස්වභාවය අනුව තීරණය වේ.මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම සත්කාරය සිදු කරන්න.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...
No comments:
Post a Comment