දළදා මාලිගාවට අයත් සංගික දේපල නීතියට පිටින් යමින් ව්‍යාජ්‍ය ඔප්පු සකස් කර ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) නැමති ඉඩම් කොටස් කර විකුණන දේපළ සමාගමට විකුණා දමමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවර්ණය කළා. ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගමේ සභාපති බී ප්‍රේමලාල් නැමත්තා කාලයක් තිස්සේ ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර අල්ලාගේන මෙම මාලිගාවට් අයත් ඉඩම් කොල්ල කෑමේ ව්‍යාපෘතිය දියත් කර තිබුන අතර යහපාලන ආණ්ඩුව පත්විමෙන් පසුව එම ඉඩම් කොල්ලය සක්‍රීය ලෙස වර්ධනය කර තිබේ.
දළදා මාලිගාවට අයත් නුවර,කුරුණෑගල,මාතලේ දිස්ත්‍රික්ක වල ඉඩම් රැසක් මේ වනවිට සින්නක්කරවම පවරාගෙන ඇති Prime Lands මේ වන ඉට ඉතා ඉහල මිලගණන් වලට එම ඉඩම් විකුණා දමා තිබේ.
ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ල සහ එම ඉඩම වංචනිකව අත්පත් කර ගැනිම සම්බන්ධයෙන් ලිපිගොනු අංක FCID/107/15 යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය (FCID)විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඊට ආසන්නතම් හේතුව වුයේ ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම එම ඉඩම මිලදී ගෙන ඇති ආකාරය මෙන්ම සහ යලි විකිණීමේ ක්‍රියාවලියේ දී ඊට මැදිහත්වූ පාර්ශ්ව අදාළ ගනුදෙනු තුළ මුල්‍ය අපරාධ සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිලි කිහිපයකි.
ලැබී ඇති එම පැමිණිලි වලට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වාසය කළ නිවසට යාබද අක්කරයක ප්‍රමාණයෙන් යුතු මෙම ඉඩම සම්බන්ධව පාර්ශව 21 ක් මැදිහත්වූ බේරුම් නඩුවක් තිබී ඇත. එසේම මීට කලකට පෙර පර්චසය රුපියල් ලක්ෂ 45 බැගින් වන මුදලකට මෙම ඉඩම ‘හවුස් ඔෆ් ෆැෂන්’ ව්‍යාපාරයේ හිමිකරුවන ප්‍රීති ජයවර්ධන විසින් හිමිකරගෙන තිබේ. වාර්තා වන ආකාරයට ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම තට්ටු 65ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලදීගෙන තිබෙන්නේ එම ව්‍යාපාරිකයාගෙනි.
පසුව එජාපයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හරහා ඇති කරගත් සබඳතාවයක් හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවු ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගමේ සභාපති බී ප්‍රේමලාල් නැමත්තා FCIDයේ තමන්ට විරුද්ධව ඇති පැමිණිල්ල යටපත් කර ගැනිම සදහා කටයුතු කර තිබේ.
Prime Lands කළු සල්ලි සුදු කිරිමේ මෙහෙයුම
කාලයක් තිස්සේ සුලුවෙන් ආරම්භ කල කළු සල්ලි මේ වන විට ඉදිකිරීම් ක්ෂත්‍රයේ ආයෝජන හරහා සුදු කිරීමේ ජාවාරමක්ද මහා පරිමාණයෙන් දියත් වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේන අතර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබි තිබු පැමිණිල්ලේද ඒ සම්බන්ධයෙන් සටහන් වි තිබේ.යහපාලනය පැමිණිමත් සමග George Steuart Finance මුල්‍ය සමාගමද මිලට ගත් ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගමේ සභාපති බී ප්‍රේමලාල් නැමත්තා මේ වනවිට කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම මහා පරිමාණයෙන් කරගෙන යන බවද අනාවරණය වි තිබේ.
Prime Lands, දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දළදා මාලිගාවේ ඉඩම් කොල්ලය
දළදා මාලිගාවට අයත් සංගික දේපල විකුණා ඇති බවට ‘බොදු බල සේනා සංවිධානය’ විසින් ද මිට පෙර අනාවරණයි කල අතර එයට පිළිතුරු දෙමින් ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර සදහන් කර තිබුනේ තමන්ට එල්ල වන චෝදනා සියල්ල පදනම් වීරහිත බවයි.
මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් බොදුබල සේනා සංවිධානය පැවසුවේ, අතීත හෙළ රජදරුවන් විසින් ශාසනාලයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණු බුද්ධ භෝග හා සාංඝික දේපොළ මහා සංඝරත්නයේ කිසිඳු අනුදැනුමකින් තොරව, දළදා වහන්සේගේ ගිහි භාරකරුවා වන දියවඩන නිළමේවරයා විසින් සදාචාර විරෝධීව, අත්තනෝමතිකව විකුණා දමා අයථා ලාබ ලබන බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.
…….දළදා මාලිගාවට අයත් සංගික දේපල විකුණා කෑ හැටි සාක්ෂි සහිතව බලාපොරොත්තු වන්න ……
No comments:
Post a Comment