ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.
පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.
තවද ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ II වන උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටී.
ඒ අනුව බැංකු පනතේ II වන උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ තවදුරටත් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. එසේම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටී.
මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගීවීමට ඇති හැකියාව අත්හිටුවන් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...
No comments:
Post a Comment