TECH NO: ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි

Advertisement

Advertisement

Tuesday, August 15, 2017

ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි

එමිරේට්ස් ගුවන් සේවයට අයත් A380 වර්ගයේ එයාර්බස් යානයක් අද (14) පස්වරුවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑවේය. මෙහි ඇති විශේෂත්වය නම් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පුළුල් කිරීමේ නවීකරණ කටයුතුවලින් පසු ඊට ගොඩබෑ විශාලතම මගී ගුවන්යානය මෙය වීමයි.

A380 යනු එයාර්බස් සමාගම විසින් දැනට නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානයයි. මෙය තට්ටු 
දෙකකින් යුක්ත වේ. එය ගුවන් සේවා පංති තුනක් යටතේ මගීන් 555 දෙනෙකු හෝ තනි ඉකොනොමි 
පංතියක් යටතේ මගීන් 853 දෙනෙකු සමඟ වරක දී ගුවන්ගතවීමට සමත් යානයකි. ඒ ප්‍රධාන කොටසේ මගීන් 
538 ක්හා
 ඉහළ කොටසේ මගීන් 315 ක් වශයෙනි.
අද දින කටුනායක ගුවන්තොටුපළට ගොඩ බෑ යානය ඉකොනොමි, ව්‍යාපාරික හා පළමු යනා දී වශයෙන් 
පංති තුනකින් සමන්විත සුඛෝපභෝගී මගී ගුවන් යානයක් වේ. ඩුබායි හා කොළඹ අතර වානිජ ගුවන් ගමන් 
ආරම්භ කරන ලද පළමු A380 යානය ලෙසින් අද පැමිණි ගුවන්යානය ඉතිහාස ගත වනු ඇත.
මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වනුයේ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලාංකිකයෙකු වීමයි.
57 හැවිරිදි කපිතාන් උදය තිලකරත්න වන මොහු වසර 30 කට ආසන්න කාලයක් පුරාවට ගුවන් නියමුවකු 
ලෙසින්
 අත්දැකීම් ඇත්තෙකි.


No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...