TECH NO: ලොතරැයි මණ්ඩලය නැවත මුදල් අමාත්‍යාංශය යටතට

Advertisement

Advertisement

Friday, August 18, 2017

ලොතරැයි මණ්ඩලය නැවත මුදල් අමාත්‍යාංශය යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළිත් වරක් මුදල් අමාත්‍යාංශයට යටතට පවරා ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව 2015 සැප්තැම්බර් මස 21 වැනි දිනැති අංක 1933/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදුව වරින් වර සංශෝධනය කරන ලද නිවේදනය, 2017 අගෝස්තු මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් සංශෝධනය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මෙම අංක 2032/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2017 අගෝස්තු 17 වැනි ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට යටතට ගැනෙන ආයතන 33 ක් වූ අතර එහි 34 හා 35 වැනි ආයතන ලෙසින් ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇතුළත් කර ඇත.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...