TECH NO: මගේ වයිෆ්“ කියලා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ගෙට පැන්න මෑන්ගේ විස්තරේ එළියට

Advertisement

Advertisement

Saturday, August 12, 2017

මගේ වයිෆ්“ කියලා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ගෙට පැන්න මෑන්ගේ විස්තරේ එළියට

නිරෝෂාව මම බැන්දේ එයා ජනප්‍රිය වෙන්න ඉස්සරින්.‘‘එයා මාව දාලා වෙන කසාදයක් කරගත්තා.."

අපේ රටේ ජනප්‍රිය ගායිකාවකගේ නිවසකට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණා.

එසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පවසා තිබුණේ එම ගායිකාව තමන්ගේ පෙර බිරිඳ බවයි. කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ සති අන්ත පුවත්පතක් තොරතුරු හෙළිකර තිබුණේ මේ විදිහට.




අපේ රටේ ජනප්‍රිය ගායිකාවක වන නිරෝෂා විරාජිනී පදිංචිව සිටින්නේ කඳාන පැත්තේය. ඇයට දැන් සිදුවී ඇත්තේ එම නිවස අතහැර වෙන කොහේ හරි ගොස් සැඟවී ජිවත්වන්නටය. ඒ ඇගේ පළමු ස්වාමිපුරුෂයා යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇය පසුපස එන්නට පටන්ගෙන ඇති බැවිනි.

කඳාන පොලීසිය නම් කියන්නේ මේ පුද්ගලයා මානසික රෝගියෙකු බවය. පසුගිය සතියේ දිනක මේ පුද්ගලයා නිරෝෂා විරාජිනිගේ නිවාස කිට්ටුව කරකැවෙමින් සිටියදී ඒ ගැන පොලීසියට ලද තොරතුරකට අනුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කර තිබෙන්නේ අංගොඩ මානසික රෝහලට යොමුකර ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පියවරද ගෙනය.

එම් පුද්ගලයා වයස අවුරුදු හතලිස් පහක පමණ අයෙකි. ඔහුගේ ගම්පලාත ලෙස සැළකෙන්නේ අක්මීමනය. එහෙත් වසර කිහිපයක සිට ඔහු පදිංචිව සිටින්නේ කඳානේ ඩි.ආර්.ඕ මාවතේ පාළු නිවසකය. උදේ ඉඳන් රෑ වෙනකම් ඔහුගේ කාර්යය වී ඇත්තේ නොරෝෂ විරාජිනිගේ නිවස අසලට වී ඒ දෙස බලා සිටීමය.

‘‘නිරෝෂා මගේ වයිෆ්“ පොලීසියට පවා ඔහු පවසන්නේ එවැන්නකි.

මේ පුද්ගලයා සතුව නිරෝෂා විරාජිනිගේ ඡායාරූප ගොන්නක් මෙන්ම පුවත්පත්වල ඇය ගැන පළ වුණු ලිපි විශාල ප්‍රමාණයක් ද තිබී පොලීසියට හමුවී ඇත.

‘‘නිරෝෂාව මම බැන්දේ එයා ජනප්‍රිය වෙන්න ඉස්සරින්. මම නිසා තමයි එයා ඔය තැන ඉන්නේ. ජනප්‍රිය වෙනකොට එයා මාව දාලා වෙන කසාදයක් කරගත්තා. එත් මාව ඩිවෝස් කරලා නෑ. මම එයාට තවමත් ආදරෙයි.“ මේ පුද්ගලයා පොලීසියට පවා කියන්නේ මෙවන් කතාවකි. අද සතේ අතේ නොමැතිව මහ පාරට වැටුනට එකල තමා පොහොසතෙකු බවද කියන්නේ ඊට වගකිවයුත්තේ නිරෝෂා බව හඟවමිනි.

නිරෝෂා නම් කියන්නේ තමා මේ පුද්ගලයා නොදන්නා බවය. අපේ ගේ වටේ පිස්සේ කැරකෙනවා. ඇය ඊට එහා ඒ ගැන වැඩිදුර කිසිවක් කියන්නට යන්නේ නැහැ.

නිරෝෂාගේ සැමියා යැයි කියමින් ඇය පසුපස මේ කරක්ගසමින් සිටින පුද්ගලයා පොලීසිය විසින් මෙවර අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සොරකමකට සැකපිට යැයි කියාය. එහෙත් ඩි.ආර්.ඕ මාවතේ වැසියන් නම් පවසන්නේ කිසිවෙකුටත් හිරිහැරයක් වී නැති බවය. ඔහුගේ එකම කාර්යය වී ඇත්තේ නිරෝෂාගේ නිවස වටේ කරක්ගැසිම බව ඒ අය පවසති. එදත් සිදුවී ඇත්තේ ඔහු නිරෝෂාගේ නිවස වටේ කරකැවෙමින් සිටියදී පොලීසිය අල්ලාගෙන යෑමය.

මෙයට මාස හත අටකට පෙරද මේ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගත්තේ නිරෝෂාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ වරදටය.

එදා ඔහු නිරෝෂාගේ නිවසට ගොස් ඇත්තේ සිය බිරිය මුණගැසීමට පැමිණි බව කියමිනි. එහිදී ඇයගේ නිවසේ සිටි පුද්ගලයෙකු ඔහුට හොඳහැටි පහරදී තිබුණ අතර ඊට මැදිහත් වූ අසල්වාසියකුද ඒ පුද්ගලයාගෙන් පහරකෑමට ලක්ව තිබුණු බව සඳහන්ය.

නිරෝෂාගේ නිවසේ සිට පුද්ගලයාගේ පහරකෑමෙන් එදා ඔහුට තුවාලද සිදුව තිබුණේය. පොලීසිය ඔහුව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කලද ඔහු දින කිහිපයකදී රෝහලින් පළා ගොස් අතුරුදහන් විය.

නැවතත් ඔහු මතුවුයේ නිරෝෂාගේ නිවාස අසලිනි. පොලීසිය කියන්නේ නිරෝෂා සිය බිරිය යැයි ඔහු සිතන බවය. සැබෑ ලෙසම ඔහු උන්මාදයට පත්වුණු නිරෝෂාගේ රසිකයෙකු බව පොලීසිය කියයි.

මේ පුද්ගලයා නිරෝෂා යන එක සංගීත සංදර්ශනයක්වත් මගහරින්නේ නැහැ. පහුගිය දවසක කුරුදුවත්ත පැත්තේදීත් ඔහු පොලීසියට හසුවෙලා තියෙනවා නිරෝෂාගේ පස්සෙන් ගිහින්. මෙහෙම් ගිහින් අන්තිමේදී මේ පුද්ගලයාගෙන් ඇගේ ජීවිතයට කරදරයක් වෙන්නත් පුළුවන් ඒ නිසයි අපි මේ පාර ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා නියෝගයක් ලබාගත්තේ අංගොඩ මානසික රෝහලට යොමුකරන්න. කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ කියන්නේ එවන් කතාවකි.

නිරෝෂා විරාජිනීට මහත් හිසරදයක් බවට පත්ව සිටින මේ කියන පුද්ගලයා මානසික රෝගියෙකු යැයි කිවත් තවමත් පොලීසිය ඔහු ගැන ගැඹුරින් විමර්ශනයක් පවත්වා ඇති බවක් නම් පෙනෙන්නට නැත. අංගොඩ මානසික රෝහලේදී ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඒ ගැන උනන්දුවක් ඇතිවුවහොත් නම් ඇතැම් විට එය සොයා ගැනීමට හැකි වනු ඇතැයි සිතිය හැකිය. එතෙක් ඔහු නිරෝෂට පෙම්බැඳි උන්මත්තක රසිකයෙකු ලෙසම හැන්දිවෙනු ඇත

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...