ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සීමා කිරීමට කඩිනමින් පියවර ගතයුතු බවට රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සීගිරිය සඳහා තිරසර සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට පත් කෙරුණු අනු කමිටුව විසින්.
සංචාරක ආගමනය හේතුවෙන් සීගිරියට සිදුවන බලපෑම අධ්‍යයනය කර විසඳුම් යෝජනාවලියක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අනු කමිටුවක් පත් කළා.
එම කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ස්වභාවික සංසිද්ධීන් සහ අධික සංචාරක ආගමනය හේතුවෙන් ලෝක උරුමයක් වන සීගිරිය විනාශ වෙමින් පවතින බවයි.
ස්වභාවික හේතූන් මත කැටපත් පවුරට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව එම වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත්, එම හානිය වැළැක්වීම ඉලක්ක කර ගනිමින් කෘත්‍රීම ඉදිකිරීමක් නොකළ යුතු බවද එහි දැක්වෙනවා.
පුරා විද්‍යාත්මක භූමියකට දරාගත නොහැකි තරම් සංචාරකයින් පිරිසක් සීගිරියට පැමිණෙන බවද මෙම අධ්‍යනයේදී හෙළි වී තිබෙනවා.
වසරකදී සිගිරිය නැරඹීමට තුන්ලක්ෂයකට ආසන්න විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙද්දී එහි පැමිණෙන දේශීය සංචාරකයින් ගණන ලක්ෂ 12 කට අධිකයි.
සංචාරකයින්ගෙන් පිටවන දහඩිය හේතුවෙන් සීගිරියේ චිත්‍ර ගුහාවේ වායුගෝලීය තත්ත්වය නිරන්තයෙන් වෙනස්වීම එම චිත්‍ර කෙටි කාලයක් තුල විනාශ වීමට හේතුවක් විය හැකි බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙනවා.
දෛනිකව සීගිරි පර්වතය මුදුනට පැමිණෙන සංචාරකයින් ගණන සීමා කළ යුතු බව සහ අත්‍යවශ්‍ය අධ්‍යයන කටයුතු සඳහා හැර සීගිරි චිත්‍ර නැරඹීමට සාමාන්‍ය සංචාරකයින්ට අවස්ථාව ලබා නොදිය යුතු බව අනු කමිටුවේ නිර්දේශයයි.
විකල්පයක් ලෙස සංචාරකයින්ට නැරඹීම සඳහා සිගිරි චිත්‍රවල සර්වසම පිටපතක් එම භූමියේ සුදුසු ස්ථානයක ප්‍රදර්ශනය කිරීම වඩා යෝග්‍ය බව එම වාර්තාවේ දැක්වෙනවා.
ජාතික ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පත්කළ අනු කමිටුව අවධාරණය කරන්නේ ලෝක උරුම සීගිරිය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළේදී අධික සංචාරක ආගමනය වැලැක්වීම සඳහා පියවර ගැනීම ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි.
මෙම යෝජනා සම්බන්ධයෙන් සීගිරිය ආශ්‍රිතව විවිධ වෘත්තීන් හි නියැලෙන පිරිසකගෙන් අප අදහස් විමසා බැලුවා.

No comments:
Post a Comment