බැඳුම්කර කොමිසම භාරයේ පවතින අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිළධාරීන් උපුටාගන්නා අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතාගේ නීතීඥයෙකුට එම සථානයේ රැදී සිටීමට අවසර ලබාදෙමින් කොමිසම අද නියෝගයක් නිකුත් කර තිබේ.
කොමිසම මෙම නියෝගය නිකුත් කළේ පසුගියදා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නීතීඥවරයා සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් වන විමර්ශනවලදීද මෙම නියෝගය අදාළ වනු ඇත.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 වසරේ සිට භාවිත කළ ජංගම දුරකතන ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසමට භාරදෙන ලෙස කොමිසම පසුගියදා නියෝග කළ අතර මහේන්ද්‍රන් මහතා එම විද්‍යුත් උපකරණ කොමිසමට භාරදී තිබුණි.
නමුත් උපකරණ බාරදීමෙන් අනතුරුව මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ අදාළ සන්නිවේදන උපකරණවල දත්ත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් කොමිසම භාරයට උපුටා ගන්නා අවස්ථාවේ තම නියෝජිතයෙකුට එම ස්ථානයේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසයි.
මහේන්ද්‍රන් මහතාගේ නීතිඥයාගේ ඉල්ලීමට කොමිසමට සහය පළකරන නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විරෝධය පළ කළ අතර කොමිසම සඳහන් කළේ දෙපාර්ශවයේම කරුණු සළකා බැලීමේන අනතුරුව මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන බවයි.
ඒ අනූව දෙපාර්ශවයම ලිඛිතව සිය ඉල්ලීම් සහ විරෝධතා සම්බ්න්ධයෙන් කොමිසමේ සාමාජිකයන්ට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත් එම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව අද කොමිසම නියෝග කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සහ කසුන් පලිසේන මහතාගේ ජංගම දුරකථනයේ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් උපුටාගන්නා අවස්ථාවේදී එම පාර්ශව නියෝජනය කරන නීතීඥයෙකු ඉදිරිපිට දුරකතනයෙන් දත්ත උපුටා ගැනීම සිදුකළ යුතු බවයි.
කෙසේ වෙතත් අදාළ නියෝජිතයාට දත්ත උපුටා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම තහනම් වන අතර ලිඛිත සටහන් ලබා ගැනීම හැර ඡායාරූප ගැනීම හෝ එම අවස්ථාව පටිගත කිරීම සම්පූර්ණයෙන් තහනම් බවද කොමිසම නියෝග කළේය.
එමෙන්ම එම ස්ථානයේ රැඳී සිටීම අවශ්‍ය යැයි සිතන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකුටද එහි රැඳී සිටි හැකි බවද කොමිසම ප්‍රකාශ කර සිටියේය.
ඒ අතර දත්ත උපුටා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම විද්‍යුත් උපකරණවලට මුද්‍රා තබා මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි විමසීම අවසන් වන තෙක් අදාළ උපකරණ කොමිසමේ ලේකම්වරයා භාරයේ තබන ලෙසද කොමිසම නියෝග කළේය.
No comments:
Post a Comment