මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ තරුණ මවකට සිදුවූ අනතුරක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙගන් නෝලන් නමැති 24 හැවිරිදි දෙදෙරු මව සිය මිතුරියකගේ නිවසේ සංවිධානය කර තිබූ රාත්‍රී සාදයකට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙමින් සිටින අතර තුර මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
අදාල කාන්තාව එම අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඇය විසින් තම මෝටර් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් ඇයගේ මෝටර් රථය පසුපස හඹා ගොස් ඇති අතර ඒ පිළිබදව සැලවූ ඇය පැයට කිලෝමීටර් 120 පමණ වේගයකින් සිය මෝටර් රථය ධාවන කර තිබෙනවා.
මෝටර් රථයේ අධික වේගන හේතුවෙන් එහි එන්ජිම පුපුරා ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
අනතුරෙන් 24 හැවිරිදි දෙදෙරු මවට හානියක් සිදු නොවී ඇති අතර පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත කාන්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...


No comments:
Post a Comment