TECH NO: හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් : දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති

Advertisement

Advertisement

Monday, August 14, 2017

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් : දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක නිරතව සිටිති. ඇමරිකානු බල ප්‍රදේශයක් වන ගුවාම් දූපත ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සැලසුමක් පිළිබඳ උතුරු කොරියාව බ්‍රහස්පතින්දා (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කිරීමත් සමග එරට සහ ඇමරිකාව අතර පවතින උණුසුම්කාරී වාතාවරණය තවත් උත්සන්න විය.ගුවාම් දූපතට කිසියම් දෙයක් සිදු වුවහොත් "විශාල විපතක්" බලාපොරොත්තු විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය. කෙසේ නමුත් සිය න්‍යෂ්ටික වැඩසටහන දිගටම කරගෙන යන බව උතුරු කොරියාව පවසයි. 

 මේ අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකිකයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති. ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 


බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය මනීෂා ගුණතිලක කියා සිටියේ ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය කර මීට මාස 06 පමණ පෙර අදාළ සැලැස්ම සැකසීමට පියවර ගත බවය. ඒ හා සම්බන්ධ වාර්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ සේවා අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දී ඇති බවත් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය. ඇමරිකාව සහ උතුරු කොරියාව අතර මතුව ඇති උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් ද විමසිල්ලෙන් පසුවෙති. දෙරටේ නායක දෙපල අතර පැවති දුරකථන සංවාදය අතරතුර සියලු පාර්ශව සංයමයෙන් කටයුතු කිරීමේ සහ නොඉවසිලිමත්භාවය ඉහළ යාමට තුඩු දෙන වචන හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීමේ වැදගත්කම ජනාධිපති ජින් පින් අවධාරණය කළ බවත් එම වාර්තාවේ දැක්වේ

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...