උමා ඔය හේතුවෙන් විනාශයට පත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්කාපිටිය, පුහුල්පොල ප්‍රදේශයේ එකම ගොවියෙකුට හෝ මේ දක්වා වගා සහන අයදුම්පතක් හෝ ලැබී නොමැති බව ‘ලංකා මානව හිමිකම් කේන්ද්‍රය‘ අගෝ. 12 සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී ඇත.
එම නිවේදනය පහත පරිදි වෙයි,
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් මඟින් ද, ජනාධිපතිවරයාගේ නියෝගයකින් ද, කැබිනට් මණ්ඩල තීරණයකින් ද, දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීරණයකින් ද, උමා ඔය විනාශය හේතුවෙන් පීඩාවට පත් වැලිමඩ ගොවීන් වෙත ‘වගා සහන‘ සැළසීමට තීරණය විය. බණ්ඩාරවෙල පැවති උමා ඔය හර්තාලයෙන් දින 45 ක් ගතවී ඇති නමුත්, අවම වශයෙන් වගා සහන අයදුම්පත බෙදීමට හෝ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යකෂ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යා කාර්යාලය, බදුල්ල දිසාපති, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කොට නැත. උමා ඔය හේතුවෙන් පීඩාවට පත් වැලිමඩ ගොවීන් කන්න දෙකකින් රුපියලක හෝ වගා වන්දියක් මේ දක්වා ගෙවා නැත.
දික්කාපිටිය, පුහුල්පොල ප්‍රදේශයේ විශාල වැව් තුනක් උමා ඔය නිසා විනාශයට පත්වී ඇති අතර මාර්ග අබලන්වී ඇත. ගොවි බිම් හි සිට ප්‍රවාහන කටයුතු සදහා මාර්ග ඉදිකිරීමක් මේ දක්වා සිදුව නැත. ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පවසන්නේ ඉදිරි සතිය තුල ‘වගා සහන අයදුම්පත් බෙදීම‘ ආරම්භ කළ හැකි බවයි. මාස දෙකක් තුල ‘වගා වන්දි ගෙවීම ආරම්භ කළ හැකි වෙතැයි‘ ඔහු පවසයි.
ඊසාන දිග මෝසම් වැසි ඇරඹීමට තවත් දින 40 කට ආසන්න කාලයක් පමණක් ඉතිරිව ඇති බැවින් ඉක්මනින් වගා වන්දි නොලැබෙන්නේ නම් මෙවර ද, වගා කටයුතු ඇරඹිය නොහැකි වනු ඇති බව ඌව පරණගම, වැලිමඩ හා හාළිඇල ගොවීන් පවසයි. තමන් දැඩි ලෙස විරුද්ධ වූ “උමා ඔය ව්‍යාපෘතිය‘ හේතුවෙන් අදායම් මාර්ග සියල්ල විනාශ වී, නිවාස ඉදිතලා, දේපල අහිමිවී ඇති බැවින් තමන්ට සහන සැලසීම වහා සිදුවිය යුතු බව ඔවුන් පවසයි.
ලංකාවේ ඉහළම අදායම් ලබන ගොවීන් ඉහළ ඌව එළවළු වගාකරුවන් වන අතර පරිසරය හා ප්‍රමාණවත් ජලය හේතුවෙන් ඔවුන් ගෙන් 46% රු. 50,000 – 100,000 දක්වා මාසික ආදායම් ලැබූහ. උමා ඔය හේතුවෙන් ඔවුන් කන්න 5 ක වගාව හානි වී ඇත.
උමා ඔය සහන සැළසීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කර ඇති අතර එයින් රුපියල් මිලියන 200 ක් මේ වන විට බදුල්ල දිසාපතිවරයා වෙත යොමු කර ඇත. ඌව පරණගම, වැලිමඩ, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වහා සහන කටයුතු ප්‍රගතිය අවම මට්ටමක පවතී. බදුල්ල දිසාපතිවරයා පමණක් නොව වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරිය ද අවම වශයෙන් මේ වසර තුල එකම වතාවක් හෝ උමා ඔය හානි බලන්නට දික්කාපිටිය හා පුහුල්පොල ප්‍රදේශයන් ට නොපැමිණි බව ද ගොවීන් පවසති.
ජුලි 28 හා 29, අගෝ. 4 සහ 8 දිනවල මේ පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය බදුල්ල දිසාපති, ඌව පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු රජයේ නිලධාරීන්ට ලිපි යොමු කර ඇති නමුත් එම ලිපි සදහා ද, ගොවි සංවිධාන විසින්පසුගිය වසර දෙක පුරා යොමු කළ ලිපි 400 කට වැඩි ප්‍රමාණයකට එකම පිළිතුරක් හෝ ලැබී නොමැති බව ද, දික්කාපිටිය විහාරස්ථානයේ දී පැවති රැස්වීමේ දී හෙළි විය.
මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...

No comments:
Post a Comment