TECH NO: හික්කඩුවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට මරුකැඳවයි!

Advertisement

Advertisement

Tuesday, May 23, 2017

හික්කඩුවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට මරුකැඳවයි!

හික්කඩුවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට මරුකැඳවයි!


හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  පත්ව තිබේ.

අද (23) සවස 4.00 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ මුද්‍රණාල ගොඩනැඟිල්ලක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත්, තුවාල ලැබූ දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මුද්‍රණාලය තුළට පැමිණ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවත්, හික්කඩුව පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය කියා සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ කුමාරකන්ද, දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තුෂාන් ධනුද්ධර හා දොඩම්දූව ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි සුජිත් හිමාල් නමැති දෙදෙනෙකි.

මෘත ශරීර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...