TECH NO: WHATSAPP රහස් රැසක්

Advertisement

Advertisement

Sunday, November 19, 2017

WHATSAPP රහස් රැසක්

හැමදාම එකම විධියට මැසේජ් යවනවාට වඩා WhatsAppවල තියෙන මේ රහස් ක්‍රම භාවිතා කරලා ඔබට යහළුවන් පුදුම කරවන්නත්, වෙනස් විධියට මැසේජ් යවන්නත් හැකි වේවි. ඒ විතරක් නෙවෙයි, මේ ඇප් එක නිසා ඔබේ දුරකථනයේ පිරෙන ඉඩ අවම කරගන්නා හැටි, ඡායාරූප ආදිය ස්වයංක්‍රීයව බාගතවීම් ආදියෙන් data ඉවරවෙන එක නවත්වාගන්නා හැටි ආදී බොහෝ දේ මේ ලිපියෙන් ඔබට දැනගන්නට ලැබෙනවා.

ටයිප්රයිටර්වල ආකාරයෙන් ලියන්න


WhatsApp_new_font-xlarge_trans++bdem7oslp5yvlcdCL9YANEKmGmb9zdlbBWLsWtk0kdA



ඇප් එකේ තිබෙන සාමාන්‍ය කම්මැලි හිතෙන අකුරුවලට වඩා, ටයිප් රයිටර්වල තිබුණු ජාතියෙ අකුරු වලිනුත් දැන් ඔබට පණිවිඩ යවන්න පුළුවන්. ඒකට කරන්න ඕනෙ ` සලකුණු තුනක් වචනය දෙපසින් යෙදීමෙනු යි. උදාහරණයක් විධියට, ```Hello```. මේ grave accent ලකුණ තනි උදෘත පාඨය ( ‘ ) එක්ක පටලවා ගන්න එපා.  ඒ වගේ ම මූලික iOS යතුරු පුවරුවේ මේ ලකුණ නැහැ. ඒ නිසා ඇපල් උපාංග හරහා WhatsApp භාවිතා කරන ඔබට මෙය ``` කොපි කර පේස්ට් කරන්න පුළුවන්.
ඇත්තෙන් ම මෙය විනෝදයට වඩා එක්කර තිබෙන්නේ WhatsApp භාවිතා කරන මෘදුකාංග සංවර්ධකයින් සඳහා යි. ඔවුන්ට සාමාන්‍ය සංවාද අතරේ මෙය භාවිතා කරමින් පහසුවෙන් කේත කොටස් යාළුවන්ට යවලා කතාබහ කරන්න පුළුවන්.

එක ම පණිවිඩය හැමෝටම යවන්න Groups අවශ්‍ය ම නැහැ


WhatsApp_Broadcast_List-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwfSVWeZ_vEN7c6bHu2jJnT8

WhatsApp “Chats” තිරයේ වම්පස ඉහළින් තිබෙනවා “Broadcast Lists” නමින් විශේෂාංගයක්. මෙමගින් ඔබට එකම පණිවුඩය කිහිප දෙනෙක්ට එකවර යවන්න පුළුවන්. හැබැයි ඒක ලැබුණු අයට බලාගන්න විධියක් නැහැ ඔභ වෙන කාට කාටද ඒ පණිවිඩය යැව්වේ කියලා. මෙය හරියට ම ඊමේල්වල “BCC” වගේ.
එකම පණිවිඩය බොහෝ දෙනෙක්ට යවන්න ගෘෘප් එකක් හදලා ඒකේ ඉන්න හැම කෙනෙක් ම මැසේජ් කරන්න ගත්තාම ඒකට ඇඩ් කරපු අයට වධයක් වෙන එක නවත්තගන්න හොඳ ක්‍රමයක් තමයි මේක.
කරන්නට ඕනේ Chats -> Broadcast Lists -> New List -> add contacts වෙත ගිහින් ඔබට අවශ්‍ය අය එක් කරලා, අනතුරුව ඔබට අවශ්‍ය පණිවිඩය ඇතුලත් කර send කිරීමයි. ඒ අයට මේ පණිවිඩය මෙගාෆෝනයක අයිකනයක් සමඟ පෙන්වාවි. එයින් ඔවුන්ට මෙය නිවේදන පණිවිඩයක් කියලා තේරුණාට ඒක කීදෙනෙක්ට ලැබුණා ද ඒ කාටද කියලා බලාගන්නට බැහැ.

තදකුරුඇලකුරු සහ කපාහැරි අකුරු


get-bold-text-whatsapp-1-669x400

ඔබට හුරුපුරුදු වර්ඩ්, රයිටර් වැනි පෙළ ලේඛණ මෘදුකාංගවල වගේ දැන් WhatsApp පණිවිඩවල අකුරුවලටත් හැඩවැඩ දාන්න පුළුවන්.
තදකුරු, එහෙමත් නැත්නම් Bold අකුරු යවන්න නම් තරු ලකුණ ( * ) වචනය හෝ වාක්‍යය දෙපසට යොදන්න. උදා: *bold*
ඇදකුරු, දන්න සිංහලෙන් Italic අකුරු යවන්න නම් යටි ඉර ( _ ) යොදන්න. උදා: _italics_
කපාහරින ලද අකුරු යවන්නට ~ සංකේතය භාවිතා කරන්න. උදා: ~strikethrough~
ඒ වගේ ම ඔබට මේ සියල්ල එක ම වාක්‍යයකට හෝ වචනයකට යොදන්නත් පුළුවන්. _*bolditalics*_.

ඔබ වැඩිපුර ම කථා කරලා තිබෙන්නේ කා සමඟදැයි බලන්න


ෆේස්බුක් එකේ නම් ඔබ වැඩිපුර ම කථා කරන්නේ කාත් එක්ක ද කියලා බලන්න විවිධ ඇප්ස් තියෙනවානෙ. හැබැයි ඒවායෙදි ඔබ තෙවන පාර්ශවයකට ගෙඩිය පිටින් ම ඔබේ චැට් ඉතිහාසය පුද කරනවා. සත්‍ය වශයෙන් ම සොයා දෙන ඇප්ස්වලටත් තාක්‍ෂණිකව සහ ෆේස්බුක් හරහා ලබාදී ඇති අවසර අනුව ඇත්තට ම එහෙම ඔබෙන් ඒවා බලන්නට අවසර නොගෙනත් බැහැ. කොහොමනමුත්, කිසිදු තෙවන පාර්ශවීය යෙදුමක් නැතිව ඔබට ම වට්ස්ඇප් එකේ ඔබ එක්ක වැඩිපුරම කථා කරලා තියෙන්නේ කවුද, එහෙමත් නැත්නම් ඔබේ හොඳ ම යාළුවා කවුද කියලා බලාගන්න පුළුවන්.
iOS සඳහා: WhatsApp Settings -> Account -> Storage Usage වෙත යන්න. එහි ඔබට පුද්ගලයින් සහ කණ්ඩායම් වෙත යැවූ සහ ලැබුණු පණිවිඩවල සංඛ්‍යාවන් වෙන වෙන ම බලාගන්න පුළුවන්. දකුණු පස යට ඇති “Size” ක්ලික් කර ඔබට අවරෝහණ පිළිවෙලට ඒ සංඛ්‍යාවන් බැලිය හැකියි.
මෙය ඇන්ඩ්‍රොයිඩ් සඳහා නම් නැහැ. ඒ සඳහා WhatStat වැනි යෙදුමක් භාවිතා කරන්නට පුළුවන් නමුත් ඊට දුරකථනය root කර තිබිය යුතු වෙනවා.

අන්තර්ජාල දත්ත භාවිතය බලාගන්න සහ එය අවම කරගන්න


whatsapp-data-usage

WhatsApp හරහා භාවිතාවුණු අන්තර්ජාල දත්ත ප්‍රමාණය බලන්න Settings -> Data Usage -> Network Usage වෙත යන්න. ඒක බලලා ඇස් උඩ ගියාම ඒක නවත්වන්නෙ කොහොමද කියලා ඔබ අහවි.
Data Usage මෙනුවෙන් ඔබට ඡායාරූප, ලිපි ගොනු, හඬපට සහ සළරූ ස්වයංක්‍රීයව බාගත වීම වළකාගෙන දත්ත අනිසි ලෙස අපතේ යාම වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේ ම Low Data Usage mode දැම්මා ම WhatsApp calls සඳහා වැයවන දත්ත ප්‍රමාණය අවම වෙනවා.

ලැබෙන පින්තූර ස්වයංක්‍රීයව බාගත වීම නවත්වා ගන්න

ඔබට යහළුවන්ගෙන් ලැබෙන පින්තූර, සළරූ ආදිය නිසා දුරකථනය පිරීයාම කරදරයක් වෙලා නම් ඒකට විසඳුමක් තිබෙනවා. ඒ සඳහා කරන්නට ඕනේ Settings -> Chats වෙත ගොස් Save Incoming Media යන්න Off කිරීමයි. ඒ වගේ ම WhatsApp හරහා ලැබෙන පින්තූර Gallery ඇප් එකෙන් සඟවන හැටි අපි මීට පෙර ලිපියකින් කියලා දුන්නා.

නිල් පැහැති හරි ලකුණු වැටෙන්නට ඉඩ නොදී පණිවිඩ කියවන්න

Whatsapp-01-GQ-06Nov14_b_813x494

ඔබට කිසියම් පණිවිඩයක් කියවූවාට ඊට පිළිතුරු දෙන්නට වේලාව නැති වෙන්නට පුළුවන්. ඒත් පණිවිඩය කියවපු වහා WhatsApp ඊට නිල් පැහැති හරි ලකුණු දෙකක් යොදා එවපු කෙනාට ඔබ එය කියවූ බව පෙන්වන නිසා බොහෝ විට ඉන් රෞද්‍ර ප්‍රතිචාරයක් හැඟවෙන්න පුළුවන්. හැබැයි ඇඟබේරාගෙන මෙය කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?
ඔබට පණිවිඩයක් ලැබුණාම, එය එකවර විවෘත කරන්න එපා. එහි දැනුම්දීම්නුත් notification පැනලයෙන් clear කරලා දාන්න.
දැන් Airplane mode දාන්න. එමඟින් එකවර Wi-Fi සහ mobile දත්ත එකවර නවත්වනවා.
ඊට පස්සෙ WhatsApp විවෘත කරලා හිතේ හැටියට පණිවිඩය කියවන්න.
Back කරලා home තිරයට ඇවිත් recent apps වලිනුත් WhatsApp අයින් කරන්න.
දැන් බය නැතුව Airplane mode අයින් කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අර පණිවිඩය කියවපු බව එවූ කෙනාට බලාගන්න දැන් බැහැ.
ඒ වගේ ම ඔබට හැමෝටම මෙසේ ඔබ කියවූ බව බලාගැනීම නවත්වන්නට අවශ්‍ය නම් Settings -> Account -> Privacy හරහා Read Receipts යන්න off කරන්න. හැබැයි මේ ක්‍රමයේදී නම් ඔබටත් ඒ අය ඔබ යැවූ පණිවිඩ කියවූවාදැයි බලාගන්නට බැරි වෙනවා.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...