TECH NO: මිට මොහොතකට පෙර ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Advertisement

Advertisement

Monday, May 29, 2017

මිට මොහොතකට පෙර ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවෙසි නගරයේ අද පස්වරුවේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.පසුගිය සතියේදී රික්ටර් මාපකයේ 6.7ක සහ 6.8ක භූ කම්පන දෙකක් ද මෙම ප්‍රදේශයේම සිදුවූ බව ද ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනය සමඟ සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.ලංකාවේ වේලාවෙන් අද පස්වරු 9.45 පමණ මෙම භුමි කම්පාව සිදුවී ඇත්තේ
කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න කියා සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තැටියේ පිහිටා ඇති බවයි. ශ්‍රී ලංකාව පවතින්නේ එම භූ තැටිය මධ්‍යයට වන්නට බවත් මේ නිසා ශ්‍රී ලංකාවට භූ කම්පනයේ බලපෑම් ඇතිවීමේ ප්‍රවනතාව අවම බවත් ඔහු සදහන් කළා.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...