TECH NO: කපා කොටා මග දමා ගිහින්

Advertisement

Advertisement

Tuesday, May 23, 2017

කපා කොටා මග දමා ගිහින්

කපා කොටා මහ මග දමා ගොස් තිබූ අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - අඹකැලේ පදිංච සිටි මාරසිංහ ආරච්චිලාගේ ප්‍රදීප් කුමාර (අවු:29) නම් අයෙකි.

ඊයේ (23) රාත්‍රී 10.00 ට පමණ පල්ලම පොලිස් වසමට අයත් අඩම්මන පොදු සුසාන භූමිය ආසන්නයේ පාළු ස්ථානයකදී කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් මොහුව කපා කොටා දමා ගොස් තිබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කැපුම් කෙටුම් සහිතව මහ මග සිටි මෙම පුද්ගලයා ගම්වාසීන් විසින් දැක ඒ බව පල්ලම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කඩිනමින් ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු අද ( 24) අලුයම 2.00 ට පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇති අය 23 වැනිදා රාත්‍රීයේ අඹකැලේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බවත්, එම ගැටුම සහ ඝාතනය අතර සම්බන්ධයක ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් පල්ලම පොලීසිය කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...