‘දෙරණ ස්ටාර් සිටි’ නිවේදිකාව - නිරුවත් කර ඡායාරූප ගත්තැයි පොලිස් පැමිණිලි
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක මෝටර් රථයකින් ගමන් ගනිද්දී පැහැරගැනීමකට ලක්ව පසුව පැහැරගත්තවුන් විසින් ඇයව නිරුවත් කර ඡායාරූප ලබාගෙන නැවත අතරමගකට ගෙනගොස් දැමීමේ හිංසන ක්‍රියාවක් සම්බන්ධ පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ලැබී තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා මහරගම පන්නිපිටිය රත්මල්දෙනිය ප්‍රදේශයේදීය. ‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ ඉදිරිපත් කරන්නියක බව කියන ඇය සෙනසුරාදා පැවති එම වැඩසටහනේ අවසන් තරගයට පෙර සිකුරාදා පෙරහුරු වැඩසටහනට සහභාගීවී වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත.
රත්මල්දෙනිය ප‍්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා ඇයව බිය කරන ලද බවත් තමා හා නිෂ්පාදක සොයුරා මෝටර් රියෙන් බස්සවන ලද බවත් පවසන ඇය පසුව එකී වෑන් රියේ දෙදෙනාවම නංවාගෙන පැහැරගෙන ගිය බවත් පොලිසියට දන්වා ඇත. අනතුරුව කිසියම් නොදන්නා ස්ථානයකදී තමාව නිරුවත් කරන ලද ඔවුන් විවිධ ආකාරයට තම ඡායාරූප ලබාගත් බව ඇය පවසා අැත.
පසුව තමා සතු රන් ආබරණද කොල්ල කෑ බව අැය පොලිසියට දන්වා ඇති අතර ශාරීරික හිංසනයක් සිදු නොකළ ඔවුන් පසුව දෙදෙනාවම කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා ගිය බව පවසා ඇත.
නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය. මහමගදී නතර කළ නිෂ්පාදකයාගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැති අතර පොලිසිය මේ ගැන තවදුරටත් විමර්ශනය කරයි.
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...
No comments:
Post a Comment