TECH NO: තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න කැමති අයට ජනශක්ති ආයතනයෙන් අත්වැලක්

Advertisement

Advertisement

Saturday, November 18, 2017

තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න කැමති අයට ජනශක්ති ආයතනයෙන් අත්වැලක්

සැන් ෆ්‍රැන්සිස්කෝ හී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු නිමා කල සොහාන් මීට පෙර නව නිපැයුම් කිහිපයක් සඳහාම දායක වී ඇති දත්ත විශ්ලේෂණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙක් ලෙස හැඳින්විය හැකියි.සොහාන් ධර්මරාජ නම මුලින්ම ප්‍රසිද්ධියට පත්වුනේ 2007 වසරේ දී ඔහුගේ විශ්ව විද්‍යාල පශ්චාත් උපාධි සමයේ ගැඹුරු තාක්ෂණික විග්‍රහයක් සම්බන්ධයෙනුයි.
නැවත 2011 වසරේදී ඔහු බ්ලොග් අඩවිවල සිට BBC, Engadget වැනි දැවැන්ත වෙබ් අඩවි වල පවා ඔහු ප්‍රසිද්ධියට පත්වුනේ සොහාන් විසින් නිපදවන ටැබ්ලට් බ්‍රේල් අකුරු කරන app එක සඳහායි. ඔහුගේ ඒ ඇප් එක ඩොලර් දහස් ගණනක් වටිනා බ්‍රේල් යන්ත්‍ර වලට හොඳ මිලෙන් අඩු ආදේශකයක් වුනා. අද වන විට ඔහු දත්ත විශ්ලේෂණය සහ Big Data ආශ්‍රිත නිර්මාණයක් වන SocialRoo සඳහා දායක වී තිබෙනවා. Big Data හෙවත් දැවන්ත දත්ත ප්‍රමාණ එක්කාසු කිරීම හා ඒවා විශ්ලේෂණය අද වන විට ලොව පුරා බොහෝ තාක්ෂණික, අධ්‍යාපනික, විනෝදාත්මක මෙන්ම රාජ්‍ය පරිපාලන කටයුතු වලදී පවා නැතිවම බැරි දෙයක් වී හමාරයි.

ඉතින් සොහාන් වගේම Startup එකක්, එහෙමත් නැත්නම් තමන්ගේම කියලා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට අත්වැලක් වන්නට ජනශක්ති ආයතනය මඟින් Janashakthi Full Option Appathon නමින් තරඟාවලියක් සංවිධානය කරනවා. මේ ගැන වැඩි විස්තර හෙට (13) දිනයේදී අප ඔබ වෙත ගෙන එන්නට සූදානම්.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...